2022 මැයි 22 වන ඉරිදා

පොලිස් ලේකම්, අගවිනිසුරුගෙන් සමාව ගනී

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:04 413

අධිකරණ වාර්තාකරු I

ශ්‍රී ලංකා පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් සමාව ඉල්ලා විශේෂ ලිපියක් යොමුකර තිබේ.

එයට හේතුව වර්තමානයේ රටේ පවත්නා තත්ත්වයට අදාළ නඩු විභාගයන් සම්බන්ධයෙන් කරුණු සඳහන් කරමින් අගවිනිසුරුතුමාට ලිපියක් යොමු කිරීමය. එම ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරයා අගවිනිසුරුතුමාගෙන් අදාළ කරුණු ගැන සාකච්ඡා කිරීමට වේලාවක් ලබා දෙන මෙන් ඉල්ලා ඇතැයි වාර්තා විය.

මෙම ලිපිය අගවිනිසුරුවරයා අතට පත්වීමෙන් පසුව එය නීතිපතිවරයාට යොමුකර ඇති අගවිනිසුරුවරයා අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයේ ප්‍රධානියා ලෙස තමන්ට මේ ආකාරයේ ලිපියක් යොමුකිරීමෙන් සිදුකර ඇති වරද සම්බන්ධයෙන් දැඩිව අවවාද කරන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව නීතිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මේ ගැන අවවාද කිරීමෙන් පසු ඔහු අගවිනිසුරැතුමාගෙන් සිද්ධිය ගැන සමාව ඉල්ලා නැවතත් ලිපියක් යොමුකර ඇතැයි අධිකරණ ආරංචි මාර්ග කියයි.

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00