2022 මැයි 22 වන ඉරිදා

වැස්ස පිහිට වෙයි විදුලි කැපිල්ල අඩුවෙයි!

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:01 107

ගයාන් ගාල්ලගේ I

එළඹෙන ජූනි මස සිට විදුලි කප්පාදුව යම් සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය. එයට හේතු වී ඇත්තේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල පරිමාව 50%කින් ඉහළ යාම බවද හෙතෙම සඳහන් කළේය.

මේ නිසා තාප බලාගාර සහ ගල්අඟුරු බලාගාර මත සම්පූර්ණයෙන් යැපෙමින් තිබෙන ජාතික විදුලි බල පද්ධතියට සහනයක් ලැබෙන හෙයින් විදුලි කප්පාදුව අඩුකර ගැනීමට හැකියාව ඇති බව ඒ මහතා වැඩිදුරටත් කීය.