දේශපාලන වාර්තාකරුI
වසර දෙකක් පමණ විදේශ අමාත්‍යංශ ලේකම් ධූරය දැරූ මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්විය.
හිටපු නාවික හමුදාපතිවරයකු වන හෙතෙම ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ධූරයක් දරමින් සිටියදී විදේශ ලේකම් පදවියට පත් විය.
පෞද්ගලික හේතු මත තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වූ බැව් හෙතෙම දේශයට පැවසීය. නව විදේශ ලේකම් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරිනියක වන අරුණි විජේවර්ධන මහත්මිය පත්කිරීමට නියමිතය.