වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධායක ධුර ඇතුළු සියලු තනතුරැවලින් ඉවත් කළ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
එසේම මීට අදාළ ලිපි ඔවුන් වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර ලබාගැනීම මෙලෙස තනතුරැවලින් ඉවත් කිරීමට හේතු වී තිබේ.
■ ගයාන් ගාල්ලගේ