I ගයාන් ගාල්ලගේ
එළඹෙන සති කිහිපය තුළ එළවළු මිල 50%කින් පමණ ඉහළ යා හැකි බව මැනිං වෙළඳපොළ වෙළෙඳ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් දේශයට පැවසීය. එයට හේතු වී ඇත්තේ මැනිං වෙළෙඳපොළ සඳහා පැමිණෙන එළවළු ලොරි රථ 1/3කට පහළ බැසීමත්, පැමිණෙන එක ලොරියක් වුවද තෙල් අර්බුදය නිසා දින ගණන් ප්‍රමාද වීමත් යන කාරණා බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වනවිට ආරම්භ වී ඇති වැසි සමය හේතුවෙන් උඩරට ප්‍රදේශයේ ලීක්ස්, කැරට් වගාවන්වල ඵලදාව නෙලීම ආරම්භ කර ඇති නිසා එම එළවළු නිසි කලට කොළඹට නොපැමිණියහොත් එම එළවළු නරක් විය හැකි බව ඔවුහු පවසති. මේ වනවිට බෝංචි, තක්කාලි, මාළු මිරිස්වල තොග මිල 500-700ක් වන බවත් සිල්ලර මිල 1000ක පසුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දඹුල්ල සහ නුවර ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු යුද හමුදාව මාර්ගයෙන් හෝ ප්‍රවාහනය කර කොළඹට ලැබීමට සලස්වන මෙන් වෙළෙඳුන් විසින් රජයට යෝජනා කර තිබේ.