2022 මැයි 29 වන ඉරිදා

නව දේශපාලන පක්ෂයකට රහස් කතා

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 80

I ගයාන් ගාල්ලගේ

විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සිවිල් සංවිධාන කිහිපයක් එකතුවෙන් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට මේ දිනවල රහස් සාකච්ඡා සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව දේශපාලන පක්ෂය සඳහා දූෂණ චෝදනා නැති, තරුණ පිරිස සඳහා ඉඩ ලබාදීමට තීරණය කර තිබේ. මෙම නව පක්ෂය වෙනුවෙන් දැනටමත් මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇති අතර ඒ සඳහා සිවිල් සංවිධාන කිහිපයක්ද එකඟත්වය පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් රහස් සාකච්ඡා රැසක් පවත්වමින් යන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.