2022 මැයි 29 වන ඉරිදා

දිළිඳුකමේ පතුලේ සිටින පවුල් ලක්ෂ 20කට සහන

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 45

I දේශපාලන වාර්තාකරු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන මස ඉදිරිපත් කරන සහන අයවැය මගින් මෙරට දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින පවුල් ලක්ෂ 20කට පමණ සහන සැලසීම සඳහා විශේෂ සැලසුමක් සැකසෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම කටයුතු මෙහෙයවීමට අගමැතිවරයා විසින් පත්කර ඇතැයි වාර්තා වෙයි. දැනට දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින පවුල් ලක්ෂ 20ට මෙරට සමස්ත ජනගහණය වන ලක්ෂ 223න් ලක්ෂ 80ක් ඇතුළත් වෙති.