2022 ජුනි 19 වන ඉරිදා

පක්ෂ තීරණවලට පිටින් යන්න මන්ත්‍රීන්ට ඉඩ?

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 51

I ගයාන් ගාල්ලගේ

මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අණ පනත් සඳහා පක්ෂවල තීරණවලින් තොරව හුදෙක් තම හෘදය සාක්ෂියට එකඟව ප්‍රතිපත්තිමය හේතු මත තම කැමැත්ත හෝ අකැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා වෙනම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් එකඟ වී ඇත.

පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, යන පක්ෂවල ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊට මූලික එකඟතාව දැනටමත් පළ කර තිබේ.

ඔවුන් මින් ඉදිරියට පක්ෂයේ තීන්දුව මත කිසිදු තීරණයක් ගැනීමට සහාය පළ නොකරන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.