2022 ජුනි 26 වන ඉරිදා

තවත් රටවල් 12ක් අපේ බෝට්ටුවේ - මහ බැංකු අධිපති

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 65

I ව්‍යාපාරික වාර්තාකරු

ශ්‍රී ලංකාවට සමාන බරපතළ ආර්ථික අර්බුදවලට ලක්වූ ලොව රටවල් 12ක් පමණ පවත්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයට ප්‍රකාශ කර තිබිණි. එයින් ආසියානු කලාපය නියෝජනය කරන සෙසු රටවල් වන්නේ පාකිස්ථානය සහ මාලදිවයින බව හෙතෙම සඳහන් කර ඇත.

මේ හැර සෙනගාලය, ඊජිප්තුව, රුවන්ඩාව, ඉතියෝපියාව ඇතුළු රටවල් ගණනාවක් වන බව ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා මෙම රටවල් ජාත්‍යන්තර ණය පැහැරහැරීමේ අවදානමකට ලක්ව සිටින බවද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ගත් කල වර්ෂ 1948 දී නිදහස ලැබීමෙන් පසු මෙරට මුහුණදෙන බරපතළම සහ දරුණුම ආර්ථික අර්බුදය මේ වනවිට උද්ගතව ඇතැයිද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.