I ව්‍යාපාරික වාර්තාකරු
මෙරටට මෙතෙක් ඉන්ධන සැපයූ සැපයුම්කරුවන් හත්දෙනාට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 655ක හිඟ මුදල ගෙවන ආකාරය පිළිබඳ සැලසුමක් (Payment plan) ඉදිරිපත් කරන තුරු තම සමාගම් වෙතින් තෙල් සැපයුමක් සිදුනොවනු ඇතැයි එම සැපයුම්කරුවන් රජයට දන්වා තිබේ.
මෙම ඩොලර් මිලියන 655ක මුදලින් ඩොලර් මිලියන 300ක් පමණ ගෙවීමට ඇත්තේ 'පෙට්‍රෝ ඩයිනා' සමාගමටය. ඊට අමතරව තවත් සැපයුම්කරුවන් හයදෙනෙක් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමේ නිරතව සිටිති. ඉතිරි හිඟ මුදල් ගෙවීමට ඇත්තේ එම සමාගම් හයටයි.
ණය පියවීමේ සැලසුමත් සමඟ ඉතා කුඩා වාරිකවලින් හෝ එකී හිඟ මුදල් පියවීමට රජය ප්‍රතිඥා දෙන්නේ නම් තෙල් සැපයුම නැවත ආරම්භ කිරීමට මෙම ජාත්‍යන්තර තෙල් සැපයුම්කරුවන් සූදානම් බව ඔවුන් රජයට දැනුම් දී තිබේ.