I ව්‍යාපාරික වාර්තාකරු
අගෝස්තු මාසය වනවිට නැවත වරක් සහල් මිල ගණන් ඉහළ ගොස් නාඩු සහල් කිලෝවක මිල රු. 300/- ක් පමණ වනු ඇතැයි නම් සඳහන් නොකළ පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් කිහිප දෙනෙක් දේශයට පැවසූහ. ඊට සාපේක්ෂව සෙසු සහල් වර්ගවල මිල ගණන්ද ඉහළ යනු ඇති බව ඔවුහු සඳහන් කළහ.
එහෙත් ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇතිනොවන බවත් ඇති තරම් සහල් හා වී තොග වෙළෙඳුන් සතුව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් කීහ.