I ගයාන් ගාල්ලගේ
තමන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මාස හයක කාලයක් තිබෙන බවත් එය නිවැරදිව ඉටු නොකළොත් තමන්ගේ දරුවන් තුන්දෙනා ''තාත්තා කම් හෝම්'' යනුවෙන් බෝඩ් අල්ලනු ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.
ඒ නිසා තමන්ගේ වැඩ කටයුතු ටික ඉටුකර ගැනීමට තමන්ගේ පෞද්ගලික ධනය හෝ වැය කරන බව හෙතෙම සඳහන් කළේය.
තමන් සතු සියලු ආයතනවල තමන්ගේ සැලසුම් සියල්ල ක්‍රියාත්මක කරන බවත් එය රට වෙනුවෙන් බවත් ඔහු වැඩිදුරටත් කීය.