I දේශපාලන වාර්තාකරු
ලොව ප්‍රධාන පෙළේ ඉන්ධන සැපයුම්කරුවන් තිදෙනකු වෙත පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන හිඟයක් සමඟ මිල ගණන් ඉහළ යාම සිදුවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
රුසියාව, ඉරානය සහ වෙනිසියුලාව මෙලෙස සම්බාධකවලට යටත් කර තිබෙන ප්‍රධානම තෙල් සැපයුම්කරුවන්ය. මෙයින් රුසියාව තෙල් සහ ගෑස් දෙවර්ගයම අපනයනය කරන ප්‍රධානම අපනයනකරුවෙකි.
මෙම ප්‍රබල රටවල තෙල් වෙළෙඳාම සම්බන්ධයෙන් සම්බාධක පැනවීම නිසා මැදපෙරදිග තෙල් නිපදවන ප්‍රධාන නිෂ්පාදකයන් වන සෞදි අරාබිය, අබුඩාබි සහ කටාර් රාජ්‍යයන් වෙත විශාල තෙල් ඇණවුම් යොමුව තිබේ. ඒ සමඟ මැදපෙරදිග තෙල් නිෂ්පාදකයන් ඉන්ධන මිල ගණන්ද ඉහළ නංවමින් සිටින බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවටද දැඩි ලෙස බලපෑම් කර ඇති අතර මෙරට ඉන්ධන මිල සහ හිඟයට ඍජුවම මෙම සම්බාධකවලින් බලපෑම් එල්ල වී ඇත.