2022 ජුලි 03 වන ඉරිදා

ව්‍යවස්ථා සංශෝධනය: පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් අමුතු ඉල්ලීමක්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 55

දේශපාලන වාර්තාකරුI

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන්ට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සිය හෘදය සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස මන්ත්‍රීන් ගණනාවක් පක්ෂයෙන් ඉල්ලා ඇතැයි එහි මහලේකම් සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

ඉදිරියේදී ඒ ගැන පක්ෂය විසින් තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

22 ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර තිබෙන ස්වාධීන කොමිෂන් සභාවල බලතල වැඩි කිරීමට පොහොට්ටුව එකඟය. එහෙත් පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර ජනාධිපතිවරයාගේ බලතල සංශෝධනය සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.