දේශපාලන වාර්තාකරු I
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම නිසා ලබන සතියේ ඉබේම රට වැසී යනු ඇතැයි වාර්තා වෙයි. දැනටමත් සෞඛ්‍ය සේවකයන්, දුම්රිය සේවකයන්, බැංකු සේවකයන්, ජල සම්පාදන සේවකයන්, ලංගම හා පෞද්ගලික බස් සංගම් ආදී සමාජයේ ක්ෂේත්‍ර රැසක් තමන්ගේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා පෙට්‍රල් සහ ඩීසල් නොලැබේ නම් සේවයට වාර්තා කළ නොහැකි බව දන්වා ඇත.
රජයේ කාර්යාල බොහොමයක් දැනට අර්ධවශ යෙන් වැසී ඇති අතර පාසල් සහ විශ්වවිද්‍යාල කටයුතුද අඩාල වී තිබේ.
ලබන 15දාට පෙර ඩීසල් සහ පෙට්රල් නැව් දෙකක් මෙරටට ළඟා වනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය විශ්වාසය පළ කර ඇත. දැනට සති තුනකට ආසන්න කාලයක් ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් 1200කට පමණ පෙට්‍රල් ලැබී නැත. යම් ප්‍රමාණයකට හෝ දෛනිකව පෙට්‍රල් ලැබෙන්නේ ලංකා අයි.ඕ.සී. ඉන්ධන හල් 220න් කොටසකට පමණි.
ඇයි.ඕ.සී. සමාගම තෙල් බෙදාහරින්නේ ත්‍රිකුණාමලය ගබඩා පර්යන්තයේ සිට නිසා බොහෝ දිනවල ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් 220න් පිරවුම්හල් 100ත් 125ත් අතර ප්‍රමාණයකට පෙට්‍රල් නිකුත් කෙරේ. මේ නිසා අයි.ඕ.සී. පිරවුම්හල් ආශ්‍රිතව පවත්නා ඇතැම් තෙල් පෝලිම් කිලෝමීටර් තුන ඉක්මවා ඇති ස්ථාන රැසකි.
මෙම ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියාද හටගනිමින් තිබෙන අතර පොලීසිය හා හමුදාව එක්ව එම තෙල් පෝලිම්වල අරගල පාලනය සඳහා ක්‍රියා කරමින් සිටී. පසුගියදා ගාල්ලේ ඉන්ධන පෝලිමක හටගත් අරගලයකින් එක් පුද්ගලයකු මරණයට පත්වූ බවද වාර්තා විය.