2022 ජුලි 10 වන ඉරිදා

මහජන උපයෝගිතා සභාපති යවන්න මැතිසබයට විශේෂ යෝජනාවක්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:03 298

I දේශපාලන වාර්තාකරු

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

මෙලෙස සභාපතිවරයා ඉවත් කිරීමට මැතිසභා යෝජනාවක් ඉදිරිපත් කළ යුත්තේ ස්වාධීන කොමිෂන් සභාවක සභාපති තනතුර දරන තැනැත්තකු ඉවත් කිරීම පිණිස පනවා තිබෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුවය. පසුගියදා රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීන් රැසක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලීම් කර තිබිණි. මන්ත්‍රීන් 113 දෙනකු අත්සන් කර යෝජනාවක් තමන් වෙත ලබාදෙන්නැයි ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණිලිකාර මන්ත්‍රීන්ට ප්‍රකාශ කළ අතර එම යෝජනාව මැතිසබයට ඉදිරිපත් කොට සභාපතිවරයා ඉවත් කළ හැකි බවද පෙන්වා දුන්නේය.