2022 ජුලි 10 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවකට යෝජනා තුනක්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 87

ගයාන් ගාල්ලගේ I

සර්ව පාක්ෂික ආණ්ඩුවකට කණ්ඩායම් තුනකින් යෝජනා තුනක් ඉදිරිපත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් පළමුවැන්න සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංවිධානය විසින් විපක්ෂයේ සියලු පක්ෂ එකමුතුව දූෂණ චෝදනා නොමැති ආණ්ඩුවක් සැකසීම සඳහා කර ඇති යෝජනාවයි. දෙවැනි යෝජනාව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ  පක්ෂ 11 කණ්ඩායම විසින් ගෙනැවිත් තිබේ. තුන්වැනි යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අතර එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා අනුර කුමාර දිසානායක බව ඔවුන්ගේ යෝජනාවේ සඳහන්ය.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් ගෙන ආ සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා විපක්ෂයේ පක්ෂ බහුතරයක් එකඟත්වය පළ කර තිබේ.