I දේශපාලන වාර්තාකරු
ලංකා විදුලිබල මණ්ඩලය 76%කින් විදුලිය බිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇතත් මහජන උපයෝගිතා කොමිසම ඒ ගැන කරන ලද අධ්‍යයනයකින් පසුව 55%කින් පමණ විදුලිය බිල ඉහළ නැංවීමට අවසර දෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.
එහෙත් ඊට පෙර මේ ගැන මහජන සාක්ෂි විභාගයක් පවත්වා විදුලිය බිල වඩාත් සාධාරණ ලෙස ඉහළ නැංවිය යුතු ආකාරය ගැන ජනතා අදහස් ලබාගැනීමට මහජන උපයෝගිතා කොමිසම ක්‍රියා කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි.