2022 ජුලි 24 වන ඉරිදා

අරගලකරුවන් ජාත්‍යන්තර අධිකරණයට!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:03 197

ගයාන් ගාල්ලගේ l

ආරක්ෂක අංශ විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අරගලකරුවන් ජාත්‍යන්තර අධිකරණයටත් ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.

විශේෂයෙන් මාධ්‍යවේදීන්ට සහ නීතිඥවරු කිහිප දෙනෙක්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඒ ඒ සංවිධාන විසින් වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කරන බව සඳහන් වේ.

කෙසේ වෙතත් අරගලකරුවන් විසින් පසුගිය සිකුරාදා වනවිට තීරණය කරනු ලැබුවේ ගෝඨා ගෝ ගම ඉවත් නොකර ගනිමින් තවදුරටත් එය පවත්වාගෙන යාමටය.