2022 ජුලි 24 වන ඉරිදා

නීතිගරුක රටක් බිහිකිරීම නව ජනපතිෙග් මූලික වගකීමයි - සාගර කාරියවසම්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 84

දේශපාලන වාර්තාකරු l

බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුළ සුරක්ෂිත කිරීම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇතැයි යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබාගැනීම සඳහා සහාය දීමට බලපෑ මූලික හේතුව එය බව අවධාරණය කළ ලේකම්වරයා ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ සඳහා ගනු ලබන පියවරයන්හිදී ඊට සහාය ලබා දෙන බවද පැවසීය.