2022 ජුලි 24 වන ඉරිදා

ගෝල්ෆේස් ප්‍රහාරය නිසා ආණ්ඩුවට සහය දීම වැටඋඩ - එම්.ඒ.සුමන්තිරන්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 60

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා l

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පත්වෙන නව සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීමට තම පක්ෂය තීරණය කර සිටියද. ජුලි 22 දින උදෑසන ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නිසා රජයට සහය දෙනවාද නැතිද යන්න පිළිබඳව තවදුරටත් සිතා බැලීමට සිදුවී ඇතැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දේශයට ප්‍රකාශ කළේය.

අලුත් ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැන්ම ප්‍රකාශයක් කළ නොහැකි බව පැවසූ මන්ත්‍රිවරයා නව ඇමැති මණ්ඩලට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තම පක්ෂය සැලකිලිමත් නොවන අතර තම පක්ෂයේ අවධානය යොමු වූයේ අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන ආකාරය සම්බන්ධයෙන් පමණක් බවද ප්‍රකාශ කළේය.

පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව 22 දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුඳී සිටි අරගලකරුවන් එම පරිශ්‍රයෙන් සහ සහ එහි ඉදිරිපස දොරටුව අසලින් ඉවත් කිරීමට පියවර ගත්තේය. එම මෙහෙයුමේදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට පත්ව තිබේ. අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන බවද පැවසූ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ හේතුවෙන් ආණ්ඩුවට සහය දීමට දෙවරක් සිතා බැලීමට සිදුවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.