දේශපාලන වාර්තාකරු l
ජූලි මාසයේ මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු අයවැය ලේඛනය ලබන අගෝස්තු මස අගදී මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ජනතාවට සහන ගණනාවක් පිරිනැමීමටත් විශේෂයෙන් දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින ජනතාවට ආධාර සැපයීමටත් නව අයවැය උපයෝගී කරගනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. මේ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව ද රජයට සහාය පළ කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණ. ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සඳහා දැනටමත් එම ආයතන මුල්‍ය ආධාර සපයා ඇත.