I ගයාන් ගාල්ලගේ
අරගලකරුවන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සාධනීය යෝජනා රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව මේ සතිය තුළ අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.
එසේ හමුවන අරගලකරුවන් රජයේ ඇතැම් කාර්යයන් සඳහා ඍජුව එක්කර ගැනීමටත් ජනාධිපතිවරයා බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ද සඳහන් වේ.