l දේශපාලන වාර්තාකරු
ආණ්ඩුව විසින් ඉදිරි සතියේ මැතිසබයට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට තම පක්ෂය තරයේ විරුද්ධ බව ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ප්‍රකාශ කර ඇත.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමඟ පැවැති සාකච්ඡාවේදී ජාතික කොංග්රස් නායකයා මෙම අදහස කියා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් පැවතිය යුතු බැවින් තම පක්ෂය විධායක ජනාධිපතිගේ බලතල අඩුකරන මෙකී සංශෝධනයට දැඩි ලෙස විරුද්ධ බව අතාවුල්ලා මහතා එහිදී සඳහන් කළේය.