2022 අගෝස්තු 14 වන ඉරිදා

මහ ඡන්දයකින් සැබෑ ජනමතය විමසා බලමු- සජබ මහලේකම්

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 43

රටේ සැබෑ ජනමතය දැනගැනීමට කඩිනම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය. පවත්නා ආර්ථික ප්‍රශ්න තරමක් දුරට සමනය කරගත් වහාම මහ මැතිවරණයකට යාමේ අවශ්‍යතාව අවධාරණය කරන බවද හෙතෙම සඳහන් කළේය.

යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ තනතුරැ නිල වශයෙන් භාරගැනීමේ අපේක්ෂාවක් තම පක්ෂයට නැත. එහෙත් ආණ්ඩුවේ මැතිසබා කමිටුවල සභාපති ධුර භාරගෙන රජයට සහාය වීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් කීය.

දේශපාලන වාර්තාකරු