මැයි මාසයේදී සිදුවූ දැවැන්ත කඩාවැටීමත් සමඟ තිස් දහසක් දක්වා අඩු වී තිබූ මාසික සංචාරක පැමිණීම පසුගිය ජූලි මාසය වනවිට හතළිස් හත් දහස දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මිය දේශයට පැවසීය.
අගෝස්තු මාසයේ පළමු සතිය තුළ එකොළොස් දහස් හත්සීයක සංචාරක පැමිණීමක් සටහන් වන අතර දෛනික සංචාරක පැමිණීමද එක්දහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙම වසර ඇතුළත ශ්‍රී ලංකාවට හාරලක්ෂ හැට නමදහස් හත්සීයක සංචාරක පැමිණීමක් වාර්තා වෙයි. ඒ අනුව වසර අවසාන වනවිට මිලියනයක ඉලක්කය පසු කිරීමට බලාපොරොත්තු වන බව ධම්මිකා විජයසිංහ මහත්මිය සඳහන් කළාය. මේ සමඟ 2023 වනවිට ලක්ෂ 15ක පමණ සංචාරක ඉලක්කයකට ගමන් කිරීමට බලාපොරොත්තු වන බව ධම්මිකා විජයසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසීය.
චමිඳු නිසල් ද සිල්වා l