I දේශපාලන වාර්තාකරු
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට සහ එජාපය සන්ධානගත වී තරග කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි. ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය.
ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවෙයි. එනිසා ප්‍රධාන පක්ෂ ගණනාවක්ම දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටික බව වාර්තාවේ.