2022 අගෝස්තු 28 වන ඉරිදා

වතුර බිලේ රුපියල් 50 ගාස්තුව 300ක් වෙයි

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:02 141

I දේශපාලන වාර්තාකරු

ඉදිරියේ ජල බිල්පත් ගාස්තුව ඉහළ දැමීමේදී දිනකට එක් පවුලකට ජලය ලීටර් 500ක් පමණ පැරණි මිලටම සැපයීමට ජල සම්පාදන අමාත්‍යංශය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මසකට (දින 30ට) ජලය ලීටර් 15,000ක් පැරණි මිලටම සැපයෙනු ඇත.

එහෙත් එක් පවුලක් ජලය ලීටර් 15,000ක් (ජල ඒකක 15ක්) ඉක්මවා භාවිත කරන්නන්ගේ ජල ගාස්තුව කාණ්ඩ ගණනාවක් යටතේ ඉහළ දැමේ.

කෙසේ වෙතත් දැනට සෑම ජල බිල්පතකින්ම අයකරන රැ. 50/- ක ස්ථාවර ගාස්තුව හය ගුණයකින් පොදුවේ වැඩි කෙරේ. ඒ අනුව සෑම ජල බිල්පතකින්ම රු. 300/- ක ස්ථාවර ගාස්තුවක් අයකිරීමට නියමිත බව වාර්තා වෙයි.