2022 අගෝස්තු 28 වන ඉරිදා

මැති ඇමැති නිවාසවලට වන්දි දෙන්න කලින් වත්කම් පරීක්ෂාවට

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 57

I දේශපාලන වාර්තාකරු

පසුගිය මැයි මස 9දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නිවාස හා දේපළ හානි කිරීම් පිළිබඳ පැමිණිලි 850ක් පමණ ඒ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වෙයි.

මෙම පැමිණිලිවලින් දක්වා ඇති වත්කම් හා වෙනත් තොරතුරු සනාථ කර ගැනීම සඳහා මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් සිය පත්වීම් භාරගැනීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමට අදාළ ජනාධිපති කොමිසම ක්‍රියා කරනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. අගතියට පත්වූවන් විසින් තම තමන්ගේ නිවාස හා දේපළවලට සිදුවූ හානිය ලක්ෂ සිය ගණනින් සඳහන් කර වන්දි ඉල්ලා ඇති බැවින් ඔවුන්ගේ ඉල්ලීම් හා වත්කම් බැරකම් ප්‍රකාශවල තොරතුරු සැසඳීමට කොමිසම ක්‍රියා කරනු ඇතැයි සඳහන්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කොමිසමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ කේ.ඩී.එස්. පෙරේරා යන මහත්වරු ඇතුළත් වෙති.