ගයාන් ගාල්ලගේ l
රටපුරා පාතාල කණ්ඩායම් අටක් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි. මීට පෙර ක්‍රියාත්මකවුණු පාතාල කල්ලිවල නායකයන් මියයාමත් සමඟ ඒ කණ්ඩායම් බිඳී ගොස් මෙම නව කණ්ඩායම් නිර්මාණය වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් මේ සියල්ලන්ට වඩා ඉහළින් ගණේමුල්ල සංජීවගේ කණ්ඩායම ක්‍රියාත්මක වන බවත් මේ නව කණ්ඩායම්වල සාමාජිකයන් බහුතරයක් සංජීවගේ කල්ලියට සහාය දක්වන බවත් දැනගන්නට ඇත.
මෙම සියලු කල්ලි මර්දනය කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ එක්ව මෙහෙයුමක් දැනටමත් ආරම්භ කර තිබේ.