I සුගත් පී. කුලතුංගආරච්චි
ලබන සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යයේදී ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයන්, දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන් සහ යුරෝපීය රාජකීයයන් මෙන්ම ලොව පුරා ප්‍රභූවරැන් 500කට වැඩි පිරිසක් ලන්ඩනයට පැමිණීමට නියමිතය.
මෙහිදී රැජිනගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණීමට නියමිත අමුත්තන් අතර ජපන් අධිරාජ්‍යයා වන නරුහිතෝ සහ මසාකෝ අධිරාජිනියගේ පැමිණීම සුවිශේෂීය. ස්පාඤ්ඤයේ හයවැනි ෆෙලිපේ රජු සහ ඔහුගේ බිරිඳ ලෙටිසියා රැජින සහභාගී වන යුරෝපීය රාජකීයයන් අතර වෙති.
නෙදර්ලන්තයේ රජු සහ රැජින මෙන්ම 2013 දී ධුරයෙන් ඉවත් වූ රටේ හිටපු රැජින බියට්‍රික්ස්ද පැමිණෙන බව නෙදර්ලන්ත රාජකීය නිවෙස නිවේදනය කර ඇත. ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුද රැජින ද අවමංගල්‍ය උත්සවයට සහභාගි වනු ඇත. මෙම උත්සවයට තමා පැමිණෙන බව තහවුරු කළ පළමු රාජ්‍ය නායකයන් අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද විය.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරැනට මෙහිදී ආරාධනා කර තිබුණේ නැත. බ්‍රසීලයේ ජායිර් බොල්සොනාරෝ සහ දකුණු කොරියාවේ යූන් සුක් යෝල්ද රැජිනගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නියමිත ජනාධිපතිවරැන් අතර සිටිති.
නවසීලන්ත අගමැතිනි ජ’සින්ඩා ආර්ඩන් සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්ටනි අල්බේනිස් මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයන් ද මෙයට සහභාගි වීමට නියමිතය. එක්සත් රාජධානියේ අලුතින් තේරී පත් වූ අගමැතිනි ලිස් ට්‍රස්ට් ද ලබන සතියේ රැජිණි වෙනුවෙන් ශෝකය පළ කිරීමට එක්වනු ඇත. උතුරු කොරියාවේ සහ නිකරගුවාවේ නියෝජිතයන්ට ආරාධනා කර ඇත්තේ ''තානාපති මට්ටමින්'' පමණක් යැයි වාර්තා වේ. රුසියාව, බෙලරුස් සහ මියන්මාරයේ නායකයන් ද නොපැමිණෙනු ඇත. එසේ වුවද පුටින් නව රජු 3 වැනි චාල්ස් හට ට්විටර් පණිවුඩයකින් සුබ පතා තිබුණි.