I සංජීවිකා සමරතුංග
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන ඔක්තෝබර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ප්‍රකාරව අවශ්‍ය සංශෝධන සිදු කර මැතිසබයේ 2/3ක ඡන්දයෙන් එය සම්මත කර ගැනීම රජයේ සැලසුම බව වාර්තා වෙයි.
ඒ අනුව ජනමත විචාරණයකට හේතුවන සියලුම වගන්ති ඉවත් කර ඒ සඳහා සුදුසු සංශෝධන සැකසීම මේ දිනවල සිදුවන බව වාර්තා වෙයි.