2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

අයවැය පරද්දන්න රහස් සාකච්ඡා

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 316

දේශපාලන වාර්තාකරු l

ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය පරාජයට පත්කොට හදිසි මහ මැතිවරණයක් ලබාගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් ද දැනට මැතිසබයේ නැති පෙරටුගාමීන් හා අරගලකරුවන් ද මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවට සහභාගි වන බව දැනගන්නට තිබේ.

පසුගිය කාලයේ මැතිසබයේ ස්වාධීන වුවද ආණ්ඩු පක්ෂයේ රැඳී සිටි මන්ත්‍රීන් ගණනාවක් විපක්ෂයේ අසුන්ගත් අතර ළඟදීම ආණ්ඩුවට මැතිසබය තුළ පවතින බහුතරය අහිමි කරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබිණි.

දිනෙන් දින අධික වන ජීවන වියදම සහ ආගමික ස්ථානවල විදුලිය ගාස්තු විශාල ලෙස ඉහළ නැංවීම මුල් කරගෙන ලබන සතියේ සිට උද්ඝෝෂණ මාලාවක් ද දියත් කිරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.