සංජීවිකා සමරතුංග l
දේශීය පළතුරු මිල ගණන් විශාල ලෙස ඉහළ නගිද්දී මාළු මිල ගණන් තරමක් පහත බැස ඇතැයි දේශයට වාර්තා වෙයි.
අපගේ නිරීක්ෂණවලට අනුව පසුගිය කාලයේ විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති දේශීය පළතුරු වර්ගයක් වන්නේ කිලෝ පේරය. මේ සතියේ බොහෝ සිල්ලර වෙළෙඳසල්වල කිලෝ පේර කිලෝවක මිල රැ. 700/- ඉක්මවා තිබුණි. මෙයට මාස කිහිපයකට පෙර කිලෝ පේර කිලෝවක් රු. 300/-ත් 350/-ත් අතර මිලකට අලෙවි විය. ගස්ලබු, කෙසෙල් ගෙඩි යන ඒවායේ මිල ගණන් ද පසුගිය මැයි මාසයට සාපේක්ෂව 25% කින් පමණ මිල වැඩි වී තිබේ.
එහෙත් අලිපේර නෙලන වාරය නිසා අලිපේර කිලෝව රැපියල් 350/- ක් පමණ වන බව සඳහන්ය.
මෙලෙස පළතුරැ මිල ගණන් ඉහළ යද්දී පසුගිය කාලයේ විශාල ලෙස මිල ඉහළ ගොස් තිබූ මාළු මිල ගණන් 25% කින් පමණ අඩු වී ඇත. බලයා, කෙලවල්ලා, සාලයා ආදී මාළු මිල ගණන් මෙලෙස අඩු වී ඇතත් තලපත් මාළු කිලෝවක මිල රු. 2500ත් 3000ත් අතර ඉහළ මට්ටමක පවතී.