2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

විදුලිය කැපිල්ලට මාස 09යි

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:03 160

සංජීවිකා සමරතුංග l

රටේ පවත්නා බලශක්ති අර්බුදය නිසා විදුලිය කප්පාදු කිරීම ආරම්භ වී දැනට මාස 9ක් ගත වී ඇතැයි විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මේ වසරේ විදුලිය කප්පාදුව කොටස් වශයෙන් ආරම්භ වූයේ ජනවාරි මස 07දාය. පැය කිහිපයක කප්පාදුවකින් ආරම්භ වී විදුලිය කැපිල්ල අප්‍රේල් මාසයේදී දිනකට පැය 10ක් හා 13ක් වශයෙන් දීර්ඝ කිරීමත් සමඟ පීඩාවට පත් ජනතාව මුලින්ම අරගලය සඳහා උද්ඝෝෂණවලට එක්වූහ.

පසු කාලයේ විටින් විට අඩු වැඩි වූ විදුලිය කප්පාදුව දැනට දිනකට පැය 2යි විනාඩි 20 සීමාවේ ක්‍රියාත්මකය.