2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

නොරොච්චෝලේ අවුලක් නැතිලු

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 41

ගයාන් ගාල්ලගේl

නොරච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක ඇනහිටීමට හේතුව වී ඇත්තේ ඇතිවූ කාර්මික දෝෂයක් මිස කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය.

තමන් ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව අදාළ ජනන යන්ත්‍රය අසල සවිකර ඇති කැමරා පද්ධතියේ වීඩියෝ පට පවා නැරඹූ බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ යන්ත්‍රය එළඹෙන සඳුදා (හෙට) නැවත ආරම්භ කිරීමට හැකිවන බව ඔහු කීය. එසේම මේ වනවිට පැන නැගී ඇති ගල්අඟුරු හිඟය අවසන් කිරීම සඳහා දීර්ඝකාලීනව ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.