2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

කුරුඳු වෙළෙඳාම අර් බුදයක

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 52

සංජීවිකා සමරතුංග l

ජාත්‍යන්තර වෙළෙඳපොළේ දේශීය කුරුඳු සඳහා පැවති ඉල්ලුම අඩුවීම නිසා කුරුඳු කිලෝවක මිල රු. 4000/- සිට රු. 2800/- දක්වා රු. 1200/- කින් පමණ අඩු වී ඇතැයි මෙරට ප්‍රධානම කුරුඳු අපනයනකරුවෝ සඳහන් කරති.

ලෝකය පුරාම බලපවත්වන බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇමෙරිකාව, මෙක්සිකෝව සහ යුරෝපයේ කුරුඳු මිලදී ගන්නා රටවලින් ලැබෙන ඇණවුම් අඩු වී තිබේ. එසේම ලැබෙන ඇණවුම් සඳහා මුදල් ගෙවීම මාස 6 කින් මුදල් කරගත හැකි ණයවර ලිපි මගින් සිදු කෙරේ. එම නිසා දේශීය කුරුඳු අපනයනකරුවන්ට මුදල් එකවර නොලැබෙන බැවින් තමන්ට ලැබෙන ණයවර ලිපි බැංකුවලට උකස් තබා 34% ක් වැනි ඉහළ පොලියට ණය මුදලක් ගන්නට සිදුවෙයි. මෙලෙස ව්‍යාපාරිකයන් ලබන මුල්‍යමය පාඩු සහ ඉල්ලුම අඩුවීම නිසා දේශීය සිල්ලර කුරුඳු වෙළෙඳාම අර්බුදයකට යමින් පවතින බව ප්‍රධාන පෙළේ කුරුඳු අපනයනකරුවෝ ගණනාවක්ම දේශයට පැවසූහ.