දේශපාලන වාර්තාකරු l
පුරප්පාඩු වී පවත්නා කැබිනට් අමාත්‍ය ධුර 10 සඳහා මන්ත්‍රීන් 14 දෙනකුගේ නම් යෝජනා වීම නිසා කැබිනට් මණ්ඩලය පත්කිරීම දිනෙන් දින කල් යමින් තිබෙන බව දේශයට වාර්තා වෙයි.
පුරප්පාඩු තනතුරු සඳහා ආණ්ඩුවේ බහුතරය ඇති පොහොට්ටුව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් 10 දෙනකුගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත. එහෙත් එයින් දෙදෙනකුට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් එකඟතාව දක්වා නැතැයි වාර්තා වෙයි.
ඒ අතර රජයට උදව් දෙන සෙසු පක්ෂ නියෝජනය කරන දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ජීවන් තොණ්ඩමන් යන 4 දෙනාට ද අමාත්‍ය ධුර ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇත.
මෙලෙස පුරප්පාඩු වී ඇති ඇමැති තනතුරු 10 ට අපේක්ෂකයන් 14 දෙනකු යෝජනා වීම නිසා කැබිනට් පත්කිරීම් දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.