ගයාන් ගාල්ලගේl
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයන සඳහා සහාය ලබා දෙනවාද නැද්ද යන්න තවම සමගි ජනබලවේගයත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් කිහිපයත් එකඟතාවයට පැමිණ නැති බව එම කණ්ඩායම්වල සාමාජිකයෝ සඳහන් කළහ.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 22 සඳහා සහාය දීමට තීරණය කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙහිදී තීරණාත්මක ඡන්ද සංඛ්‍යාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවේ බැවින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ කැමැත්ත මත සිදුවෙනු ඇතැයි පක්ෂ විපක්ෂ අය පවසති.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ කිහිප දෙනකු සහාය ලබා නොදීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.