2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

විසුරුවා හැරි පළාත් සභා සභාපතින්ට දිගටම සැප!

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:03 144

දේශපාලන වාර්තාකරු l

මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් සභා 9 හි සභාපතිවරුන්ට දැනට ලබාදෙන වැටුප් දීමනා සහ සෙසු වරප්‍රසාද හා පහසුකම් අහෝසි කිරීමට ගත් කැබිනට් තීරණය අවලංගු කිරීමට රජය තීන්දු කර තිබේ.

එයට හේතුව පළාත් සභා පනතේ විධිවිධාන අනුව පළාත් සභාවක් විසුරුවා හැර නව පළාත් සභාව පත්වන තෙක් පළාත් සභා සභාපතිවරුන්ගේ තනතුර බලාත්මකව පවත්නා බැවිනි. එම වගන්තිය අනුව පළාත් සභාවක් විසුරුවා හැර ඇති අවස්ථාවේ පළාත් සභා සභාපතිවරුන්ට ලැබිය යුතු වරප්‍රසාද සහ වැටුප් ආදියට අදාළ ප්‍රඥප්ති ද එම පළාත් සභා විසින්ම අනුමත කර ඇති බැවින් කැබිනට් තීන්දුවක් මගින් පළාත් සභා සභාපති වරප්‍රසාද අහෝසි කළ නොහැකි බවට පළාත් සභා සභාපති සංසදය රජයට කරුණු දක්වා තිබේ.

ඒ අනුව විසුරුවා හැර ඇති පළාත් සභාවල සභාපතිවරුනට හිමි වැටුප් සහ වරප්‍රසාද අහෝසි කළ යුතු යැයි ගනු ලැබූ කැබිනට් තීරණය අවලංගු කොට එම වැටුප් හා වරප්‍රසාද යළිත් ලබාදීමට අදාළව නව කැබිනට් පත්‍රිකාවක් ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.