2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ප්‍රසන්නගේ වගකීම සාගරට පවරයි

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 77

දේශපාලන වාර්තාකරු l

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන විවාදය සංවිධානය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතිඥ සාගර කාරියවසම් මහතාට පැවරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට මෙම වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථා විවාදය සංවිධානය භාරව සිටින ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ව්‍යවස්ථා විවාදය පැවැත්වෙන දිනවල පෞද්ගලික විදේශ චාරිකාවක් සඳහා ප්‍රංශය බලා ගොස් සිටින බැවිනි. ඔහු නැවත පැමිණෙන්නේ ව්‍යවස්ථා විවාදය හමාර වූ පසුවය.

නීතිඥ සාගර කාරියවසම් මහතා පොහොට්ටුව මහ ලේකම්වරයා වන අතර 22 ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සඳහා කිසිසේත්ම සිය පක්ෂය සහයෝගය නොදෙන බව මේ වන විටත් විවෘතවම ප්‍රකාශ කර සිටින මන්ත්‍රීවරයෙකි.