සමන්ත ප්‍රදීප් l
පවතින දැඩි වර්ෂාපතනය ලබන 21දා තෙක් පවතින බැවින් සුළු ගංවතුර තත්ත්වයත් සමඟ අකුණු හා තද සුළං නිසා වන අනතුරු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා අද දිනයේ (ඉරිදා) වර්ෂාව වැඩිවන බවත් නිරිතදිග, වයඹ, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර හා බස්නාහිර පළාත් ආශ්‍රිතව වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. බෙංගාල බොක්ක අවට කැළඹිලි ස්වභාවය නිසා විටෙක උදෑසන හා රාත්‍රී කාලයේ මි.මී. 100ක තරමේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බැවින් නාය යාම හා තද සුළං නිසා ගස් කඩා වැටීම වැනි අනතුරු බහුල විය හැකි බවද පවතින වර්ෂාව 21 වැනිදායින් පසුව අඩුවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.