2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

කැබිනට් ඇමැතිලා පිරිසකට රාජ්‍ය ඇමැතිලාගෙන් පාඩමක්?

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 57

දේශපාලන වාර්තාකරු l

රාජ්‍ය ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශවල විෂයන් පැවරීමක් සිදු නොකරන කැබිනට් අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ සම්බන්ධව සිදුකෙරෙන අයවැය විවාදයේදී ඊට සහාය නොදීමට රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනකු ද සහභාගි වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම රාජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් එකී සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ට විෂයන් ගණනාවක් පැවරී ඇතත් එම කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිදු වගකීමක් පවරා නොමැති බවය.