දේශපාලන වාර්තාකරු l
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩලයම රනිල් වික්‍රමසිංහ රජය යටතේද පවත්වාගෙන යන්නේ නැතිව නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බව පොහොට්ටුව පක්ෂය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි දේශයට වාර්තා වෙයි.
දැනට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට පත්කරන ලද අමාත්‍ය මණ්ඩලය රනිල් වික්‍රමසිංහ රජය යටතේ නැවත දිවුරුම් දී ක්‍රියාත්මක වන ආණ්ඩුවකි. එම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණනාවක් පොහොට්ටුවේ මතවාදයට පටහැනි මත දරන්නන් වන නිසා ඔවුන් පොහොට්ටුව නියෝජනය කරන අමාත්‍යවරැන් ලෙස සැලකිය යුතු නැතැයිද මේ ගැන දේශයට අදහස් දැක්වූ පොහොට්ටුව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එබැවින් පොහොට්ටුවේ යෝජනාද රැගෙන නව අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.