සංජීවිකා සමරතුංග l
තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සමඟ ව්‍යාපාර ගනුදෙනු කළ බවට තමන් ඇතුළු තවත් දේශපාලනඥයන් හා ප්‍රකට පුද්ගලයන්ගේ ව්‍යාජ නම් ලැයිස්තුවක් සකස් කොට සමාජ මාධ්‍යයට මුදාහැරීම පිටුපස දූෂණ චෝදනා ලත් කැබිනට් අමාත්‍යවරයකු හා ප්‍රබල සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම්කරුවකු සිටින බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා දේශයට කීය.
මෙම අමාත්‍යවරයාගේ දූෂණ ක්‍රියා ගැන මෑතකදී පාර්ලිමේන්තුවේදී තමන් ඇතුළු මැති ඇමැති පිරිසක් දැඩි විවේචන එල්ල කළ බව කී ගම්මන්පිල මහතා ඒ පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට මෙම බොරැව සමාජගත කළ බව පැවසීය.
මේ ගැන කඩිනමින් පරීක්ෂණයක් සිදුකර ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.