2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

දොස්තරවරු 1000ක් රට යති !

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:03 165

I ගයාන් ගාල්ලගේ

විදෙස් ගතවීම සඳහා වෛද්‍යවරු 1000 කට අධික ප්‍රමාණයකගේ අයැදුම්පත් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ අංශ වෙත ලැබී ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අතරින් එක් පිරිසක් වැඩිදුර අධ්‍යාපනය සඳහාත් තවත් පිරිස පඩි රහිත නිවාඩු දමා වෙනත් රැකියා සඳහාත් පිටත්ව යාමට ඉල්ලුම් කර තිබේ. කෙසේ වෙතත් මේ වසර තුළ දැනට වෛද්‍යවරුන් 500කට අධික සංඛ්‍යාවක් මෙරට හැරගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට ඉල්ලුම් කළ බොහොමයක් ඉල්ලුම්පත් සඳහා අවසර ලබාදීම සීමා කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස් ගතවුවහොත් විශාල වෛද්‍ය හිඟයක් ඇතිවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.