2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

එන අයවැයේදී ආණ්ඩුවට හොඳ පාඩමක්- සජබ මහලේකම්

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 57

I දේශපාලන වාර්තාකරු

පීඩිත ජනතාවගෙන් සහ කඩා වැටී ඇති ව්‍යාපාරවලින් පවා අධික බදු අය කරන වත්මන් ආණ්ඩුවට ඉදිරි අයවැයේදී පාඩමක් ඉගෙන ගන්නට හැකිවනු ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

වත්මන් ආණ්ඩුව අංශ ගණනාවකින් ජනතාව පීඩාවට පත්කර තිබේ. රටේ වෘත්තිකයන්ගේ වැටුපට බදු ගැසූ ආණ්ඩුව පොදු ජනතාවට උද්ධමනය තෑගි දී තිබේ. එමෙන්ම ව්‍යාපාරිකයන්ට අධික පොලිය මත බදු පැනවීමෙන් අන්ත අසරණභාවයට පත්කර ඇතැයි ද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්තිය ගැන සමගි ජන බලවේගය දැඩි විරෝධය පළ කරන අතර විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ ජනතාවට සහන සැලසීම සඳහා පොදු වැඩපිළිවෙළකට සහාය දෙන බවද සඳහන් කළේය.