2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

තුනෙන් දෙකෙන් 22 සම්මතයි

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 56

I ගයාන් ගාල්ලගේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 179කින් පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම ඡන්ද විමසීමේදී එක් ඡන්දයක් පමණක් ඊට විරුද්ධව ලැබුණු අතර එලෙස විරුද්ධ වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාය.

එසේම ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකු සභාවේ නොසිටීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීම නිසා මෙය සම්මත වීම අවිනිශ්චිත තත්ත්වයක පැවතිණි. එහෙත් සිකුරාදා සවස හදිසියේ එම පක්ෂය රැස්වීමෙන් අනතුරුව 22ට පක්ෂව ඡන්දය දීමට එකඟ වී තිබුණි.