2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් කොටු කරන්න අරගලකරුවෝ උසාවියට!

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 287

ගයාන් ගාල්ලගේ I

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැරීම තහනම් වීමත් සමඟ දැනට එලෙස පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා අරගලකරුවන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අභියාචනාධිකරණය වෙත පෙත්සම් ගොනු කිරීමට තීරණය කර තිබේ.

එලෙස අභියාචනාධිකරණය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ක්වෝවොරන්ටෝ රීට් ආඥාවක් ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඒ හරහා පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුද යන්න අනාවරණය කර ගැනීම ඔවුන්ගේ අරමුණු වී ඇත.
කෙසේ වෙතත් තවම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර ද්විත්ව පුරවැසිභාවය හිමි අය කවුද යන්න නිශ්චිතව අනාවරණය වී නැත. විවිධ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ දැනට පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් 10 දෙනකු පමණ සිටින බවකි.

කෙසේ වෙතත් දේශයට වාර්තා වන තොරතුරු අනුව ස්ථිර පදිංචිලාභීන් සහ ඇමෙරිකානු ග්‍රීන් කාඩ් හිමියන් පුරවැසියන් ගණයට අයත් නොවන බවත් 21 වැනි සංශෝධනයට අදාළව මන්ත්‍රී ධුරය අහිමිවන්නේ ද්විත්ව පුරවැසියන්ට පමණක් බවත් නීති අංශ ආරංචි මාර්ග කියයි.