දේශපාලන වාර්තාකරු I
විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් තෝරා පත්කර ගැනීම විශ්වවිද්‍යාල පාලක සභාවලටම පැවරිය යුතු යැයි රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
දැනට පවත්නා නීතිය අනුව සරසවි උපකුලපතිවරුන් තෝරාගැනීමේදී පාලක සභාව විසින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා යෝජිත නම් තුනක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා ජනාධිපතිවරයාට යොමු කෙරේ. එයින් එක් අයකු උපකුලපති ධුරය සඳහා තෝරාගන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදිය.
මෙම පත්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක වන අවස්ථාවලදී සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම ලකුණු ලබාගත් මහාචාර්යවරුන් උපකුලපති තනතුරට පත්නොවූ අවස්ථාද තිබූ බව අතීත වාර්තා කියයි.